Spread the love

සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව අද (07) සිට වසා දැමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙරටට ගෙන්වා ඇති තුන්වන බොරතෙල් නෞකාවේ ඇති තෙල් තොගය ගොඩබෑමට නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඛනිජ තෙල් සංස්ථාව සතුව මේ වනවිට ප්‍රමාණවත් ඉන්ධන තොග පැවතීම හේතුවෙන් ජනතාව අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි