Spread the love

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ ඖෂධ නියාමන අධිකාරිය අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති කම නිසා

ඖෂධ හිඟයට හේතුවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාත් කොළඹගේ පවසයි.

ඒ හේතුවෙන් සමහර ඖෂධ වර්ගවල එක ලිපිගොනුවක් එක් ආයතනයක සිට තවත් ආයතනයක යාමට මාස ගණනාවක් ගතවන බවත් නියාමන අධිකාරියේ ගැටලු හේතුවෙන් අදාළ ඖෂධ නිකුත් කිරීමට පෞද්ගලික අංශයටද හැකියාවක් නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ.