Spread the love

වෙරළ හා සාගර කලාපය පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත් වන අතර වෙරළ පිරිසිදු කිරීම එක් දිනකට, එක ස්ථානයකට සීමා නොවී මුලු දිවයිනටම දීර්ගකාලීන වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට සැරසෙන වැඩසටහනේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ විනි.

වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි සමූද්‍රීය පරිසර ආරක්ෂණ අදිකාරියේ මෙහෙයවීමෙන් බෙන්තර සිට ගොයියපාන දක්වා මුලු ගාලු දිස්ත්‍රික්කයේ වෙරළ තීරනය ආවරනය වන පරිදි කි.මී 94 ක වෙරළ තීරයක් පිරිසිදු කිරීම ආරම්භවිය.

ගල්ල දිස්ත්‍රික්කයයෙන් ආරම්භ වූ මෙම වැඩසටහනේ දෙවන අදියර කලුතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට සූදානම් අතර මෙහි විශේෂත්වය වනුයේ, මෙහිදී පිරිසිදු කල වෙරළ තීරනයන් එම ආකාරයටම පවත්වාගෙන යාමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අදිකාරීය මගින් ” බීච් කෙයාර් ටේකර්” වරුන් යෙදවීමයි.
මේ සදහා සමුර්දීලාබීන් යොදවා ඇති අතර , දිනකට පැයක පමන කාලයක් ඔවුන් හට වෙන්කොට ඇති වෙරළ තීරයන් පිරිසුදු කරනු ලබයි. ඒ සදහා ඔවුන් හට මාසික දීමනවක් ද හිමිවේ.