Spread the love

අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා සිය එකඟතාවය පළ කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ මන්ත්‍රී පිරිස සමඟ ඒ අද (29) දිනයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව අදහස් පළ කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කර සිටියේ සියලු පක්ෂවල නායකයන්ගෙන් සමන්විත ජාතික සභාවක් පිහිටුවා එම සභාවට නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා සහ ආමාත්‍ය මණ්ඩලය පත් කරගැනීම සඳහා වගකීම පැවරෙන බවයි.

සියලු පක්ෂ නායකයින් සහ ජනාධිපතිවරයා අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් ගොස් ඇති බවද වාර්තා වෙනවා