Spread the love

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

දකුණ ,සබරගමුව සහ ඌව පලාත්වල ඇතැම් ස්ථානවල මිලි මීටර් 100 පමණ තද වැසි ඇතිවිය හැකියි.උතුරු නැගෙනහිර සහ දකුණ පලාත්වල විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ වැසි ඇතිවේ.

බස්නාහිර ,සබරගමුව.ඌව සහ මධ්‍ය පලාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ වැසි සහිත මිදුම් තත්ත්වයක් පවතී .වැසි සමග ඇතිවන සුළං තත්ත්වයනේ සහ අකුණු අනතුරු වලින් සිදුවන අනතුරු අවම කර ගැනීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව පවසයි.