Spread the love


සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු අන්තර් පළාත් පුද්ගලික බස්රථ ධාවනයට එක්කිරීමට හැකි වනපරිදි ඔවුන්ට රුපියල් ලක්ෂ 2කට අධික වූ සහනාධාරයක් ලබාදෙන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
අද (24) මහනුවර දී පැවති උත්සවයකින් අනතුරුව අදාළ පුද්ගලික බස්රථ සංගම් සමග සාකච්ඡා කොට එකඟත්වයකට පැමිණි බව පැවසුවේය.

සහන පැකේජය මගින් බස්රථ හිමියන්ගේ සියලු ගැටලු නිරාකරණය කරගැනීමට නොහැකි වුවත්, ඒ තුළින් බස්රථය ධාවනයට සුදුසු පරිදි මාර්ගයට යෙදවීමට හැකි වනු ඇත
මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ ධාවනය වන පුද්ගලික බස්රථ 350ක් හා එහි කාර්යමණ්ඩල සඳහා නියමිත සහන පැකේජය ප්‍රදානය කිරීම නිමිත්තෙන් මහනුවර හින්දු සංස්කෘත ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි. ඒ යටතේ බස්රථ සඳහා ලිහිසි තෙල්, ටයර්, ඩීසල්, රක්ෂණය ආදිය සඳහා සහන වට්ටම් හා මුදල් ගෙවීමට සහන කාලයක් හිමිවේ. අන්තර් පළාත් බස්රථ සහ අධිවේගී මාර්ගයේ ධාවනය වන බස්රථවල සේවකයන් සඳහා ද සහනයක් හිමිවන බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.