Spread the love

දඩ පොළී රහිතව අතපසු වූ ආදායම් බදු ගෙවිමට ලබාදී තිබූ කාලය ලබන මාර්තු මාසයෙන් අවසන් වන බව ආදායම් බදු කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්.ඒ.සී.බණ්ඩාර මහතා පැවසීය.

කොවිඩ් වසංගත තත්ත්වය ආරම්භ වීමටත් පෙර සිටම මෙරට ආදායම් බදු ගෙවන්නන් විශාල සංඛ්‍යාවක් බදු ගෙවීම් පැහැර හැර තිබූ බව පැවසීය.ඒ අනුව ආදායම් බදු දෙපාර්තමේන්තුව හරහා රජයට ලැබිය යුතු කෝටි ගණනක ආදායම අහිමි වී තිබේ.වසංගත තත්ත්වය පාදක කර ගනිමින් ආදායම් බදු ගෙවීම දිගින් දිගටම පැහැර හැර ඇතිබව පැවසීය.

ආදායම් බදු ගෙවීම පැහැර හරින අය නැවත එම මුදල් ගෙවන අවස්ථාවේදී දඩ මුදලක්ද එකතු කරනු ලැබේ.එහෙත් මේ වසරේ මුල් භාගයේදි මෙම මුදල් නැවත ගෙවන විට දඩ මුදල් අය නොකිරිමට තිරණය කර ඇතිබව එහිදී සදහන් කළේය.

එම කාලය ලබන මාර්තු මාසයෙන් අවසන් වන අතර ඉන්පසුව පැහැර හරින ලද දඩ මුදල් ගෙවීමේදි දඩමුදලක් එකතු වන බව ආදායම් බදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.