Spread the love

සහල් කන්ටේනර් 500ක් වරායේ සිරවී ඇතිබව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා පැවසීය.

පොන්නි සම්බා,නාඩු සහ කැකුලු සහල් එම කන්ටේනර් වල අඩංගු බව පැවසීය.එම සහල් ඉන්දියාවෙන් ආනයනය කර තිබේ.කන්ටේනර් වල අඩංගු සහල් ප්‍රමාණය මෙට්ට්‍රික්ටොන් දස දහසක් බව පැවසීය.

මේ අතර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1500 පමණ වරායේ සිරවී තිබේ.මේවන විට එම කන්ටේනර් වලින් කිහිපයක් නිදහස් කර ගෙන ඇතිබව වැඩිදුරටත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.