Spread the love

ඉන්දියාවෙන් ඇනවුම් කර තවත් නාඩු සහල් තොගයක් රැගත් නෞකාවක් (17) අද කොළඹ වරායට සේන්දු වන බව වෙළඳ අමාත්‍යංශය පවසයි.

ඉන්දියාවෙන් ඇනවුම් කර සහල් මෙට්ට්‍රික්ටොන් තිස් දහසෙන් කොටසක් මෙම නෞකාවෙන් දිවයිනට රැගෙන ඒමට නියමිතයි.

ඇනවුම් කල සහල් තොගයෙන් මෙට්ට්‍රික්ටොන් 6000 පසුගිය සතියේ මෙරටට රැගෙනා බව එම අමාත්‍යංශය පවසයි.

ඉතිරි සහල් තොගයද මෙම මාසය තුළ දිවයිනට ලැබීමට නියමිතයි.මේ අතර ඉන්දියාවෙන් ඇනවුම් කර පොන්නි සම්බා මෙට්ට්‍රික්ටොන් 50000ක් නුදුරේදී දිවයිනට ලැබීමට නියමිත බව වෙළද අමාත්‍යංශය පවසයි.

මෙම සහල් සතොස සහ සමූපකාර හරහා බෙදා හැරීමට නියමිත බව වැඩිදුරටත් සදහන් කරයි.