Spread the love

සුදු සහ රතු කැකුළු  සහල් අලවි කිරීම සදහා ඊයේ (10)සිට ක්‍රියාත්මක වන පරිදි උපරිම සිල්ලර මිලක් පනවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කල බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඒ අනුව එම සහ කිලෝග්‍රෑම් 01 අලවි කර හැකි උපරිම සිල්ලර මිල රුපියල් 210කි.මේ අතර නාඩු සහල් කිලෝග්‍රෑම් 01 රුපියල් 220 උපරිම සිල්ලර මිලකට අලවි කර හැකිය.

සම්බා සහල් කිලෝග්‍රෑම් 01 රුපියල් 230 උපරිම සිල්ලර මිලකට අලවි කර හැකි බව මීට පෙර ගැසට් නිවේදනයක් මගින් නිකුත් කළ බව පාරිභෝගික අධිකාරිය පවසයි.

කීරි සම්බා කිලෝග්‍රෑම් 01 අලවි කර හැකි උපරිම සිල්ලර මිල රුපියල් 260ක් බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලවි කරන වෙළදුන් අත්අඩංගුවට ගැනීමේ වැටලීම් දීපව්‍යාප්තව ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

මේවන විට (11) අද පෙරවරු 06.00 අවසන් වූ පැය 48 තුළ එවැනි වැටලීම් 20ක් සිදුකර ඇති අතර ඉන් නඩු 02ක් පවරා ඇතිබව එම අධිකාරිය වැඩිදුරටත් පවසයි