Spread the love


දොහා සිට මෙරටට පැමිණි භික්ෂුන් වහන්සේ නමක් රුපියල් දෙකෝටි හතලිස් නව ලක්ෂ පහලොස් දහසක් වටිනා ස්වර්ණාභරණ තොගයක් කටුනායක කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට රැගෙන යමින් සිටියදී ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රේගු පරිශ්‍රයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය, සිරිපුර බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩවාසය කරන භික්ෂූන් වහන්සේ නමක්.

ගුවන් ගමන් අතරතුර හදුනා ගත් පුද්ගලයෙකු මෙම ස්වර්ණාභරණ තොගය ගුවන් තොටුපළෙන් පිටතට රැගෙන ගොස් දෙන ලෙස තමන් වෙත භාර දුන් බවයි අදාළ ස්වාමීන් වහනසේ රේගු නිලධාරීන් වෙත ප්‍රකාශ කර ඇත්තේ.

රේගු නිලධාරීන් අදාළ ගුවන් මගියා ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 44 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්. 

සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් රේගු පරීක්ෂණයක් සිදුකර ඇති අතර, භික්ෂූන්වහන්සේ නිදහස් කර ඇත.

නීතිවිරෝධී ලෙස රැගෙන ආ ස්වර්ණාභරණ තොගය රාජසන්තක කර සැකකාර ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂ 05 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කොට ඇත.