Spread the love

දුුම්රිය ස්ථානාධිපති වරුන් ගේ ගැටළුවට ප්‍රවාහන ඇමතිවරයා සමඟ ලබන අඟහරුවාදා පැවැත්වෙන සාකච්ඡාවේ දී නිසි විසඳුමක් නොලැබුණහොත් සතියක වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි.

එම සාකච්ඡාවේදී සාධනීය පිළිතුරක් ලබා දේවියැයි අපේක්ෂා කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වැඩිදුරටත් පැවසුවේය.