Spread the love

කාන්තාවන්ට හා දරුවන්ට සිදුවන අපයෝජන අපචාර ඇතුලු තවත් සාපරාධි ක්‍රියාවන් සම්බන්ධයෙන් දැනුම් දීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇතිබව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති  රේණුකා ජයසුන්දර මහත්මිය පැවසූවාය.

ඇතැම් අවස්ථාවල කාන්තාවන්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් නොවේ.ඒ හේතුවෙන් එවැනි සිද්ධි සම්බන්ධයෙන් දැනුම් දිම සදහා දුරකථන අංකයක් හඳුන්වාදි තිබේ.

ඒ අනුව 0112 444 444 අංකය මගින් පැය 24 පුරා තොරතුරු ලබාදිය හැකිය.ඒ පිලිබදව සමස්ත පුරවැසියන්ගේම අවධානය යොමු කොට එවැනි අපරාධ වලක්වා ගනිමින් සමාජය යහපත් දිශාවකට යොමු කිරිමට දායකවන ලෙස නියෝජ්‍ය පොලිස්පති වරිය ඉල්ලා සිටියි.