Spread the love

සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් පමණ කල් යෑමේ හැකියාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසයි.

මෙම තීරණය ගෙන ඇත්තේ උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ප්‍රමාදවීම හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡා කර ඉදිරි සති කිහිපය තුළ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන නිශ්චිත දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ගෙවනු ලබන දීමනා සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මත ගුරුවරුන් ඒ සඳහා අයදුම් කිරීමේ ප්‍රමාදයක් සිදුව ඇති අතර මේ වන විට එම ගැටලුව නිරාකරණය කර ඇති බවයි අමාත්‍යවරයා සදහන් කරයි