Spread the love

2020 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල (23)ඊයේ රාත්‍රියේ නිකුත් කර බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී පූජිත මහතා පැවසීය

.විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසිමෙන් ප්‍රතිපල ලබා ගත හැකිය.පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙවර සෞන්දර්ය විෂයන් හී ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත් වූ බැවින් එම විෂයන් හී ප්‍රතිපල හැර සෙසු ප්‍රතිපල නිකුත් කර බව පැවසීය.

විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සදහන් කර සිටියේ අදාළ සෞන්දර්ය විෂයන් හී ප්‍රායෝගික පරීක්ෂණ පාසල් විවෘත කිරීමෙන් පසුව පවත්වා නැවත එම සිසුන් සදහා පමණක් ප්‍රතිපල ලේඛන නිකුත් කරන බව පැවසීය.

සියලු පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ට සිය විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් විභාග ප්‍රතිපල සටහනක් භාගත කර හැකි බවත් එම මුද්‍රිත ප්‍රතිපල සටහන උසස් පෙළ පංති සදහා ඇතුළත් වීමට වලංගු ලේඛනයක් ලෙස සැලකෙන බවත් වැඩිදුරටත් පැවසීය.