Spread the love

කොළඹ පමුණුගම බෝපිටිය ප්‍රදේශයේ සඟවා තිබූ ඉන්ධන බවුසර් 04ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

පමුණුගම පොලිසිය විසින් වැටලීම සිදුකර තිබේ.පමුණුගම බෝපිටිය ප්‍රදේශයේ වාහන අංගනයක බවුසර් සඟවා තිබියදී සොයා ගෙන තිබේ .වත්තල ඇළකන්ද ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හළකට අයත් බවුසර් බව අනාවරණය වී තිබේ.

ඩීසල්වලට භූමිතෙල් මිශ්‍ර කර සිය පිරවුම්හල හරහා මහජනතාව වෙත ලබාදීමට කටයුතු කර ඇති බව වැඩිදුර පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. මේ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් හිමිකරුට අයත් බලපත්‍ර 02ක්ද අහෝසි කිරීමට කටයුතු කර ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

මේ අතර බලපත්‍ර නොමැතිව සහ නීතීවිරෝධි අයුරින් ඉන්ධන තොග ගබඩා කර සිටි 68 දෙනෙක් මේවන විට අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.