Spread the love

පවුල් ආරවුලක් දුර දිග යෑමෙන් 22 හැවිරිදි එක්දරු මවකට ස්වාමියා මුගුරකින් පහරදී ඝාතනය කර ඇතයි අරණායක පොලිසිය පැවසීය.

ඝාතනයට ලක්ව ඇත්තේ ලඹුටුව, මිල්ලංගොඩ පදිංච් මොහොට්ටාලලාගේ කුමුදුනි දේශානි රණසිංහ නැමති 23 හැවිරිදි කාන්තාවක බවද පැවසීය .

පොලිසියට ලද තොරතුරක් මත සිද්දිය වූ ස්ථානයට යනවිටත් ලේ විලක් මැද කුස්සියේ උළුවැස්ස මත ඇදවැටි මරණයට පත්ව සිට ඇති බවද පොලිසිය පැවසීය .

සිද්දිය සම්බන්ධයෙන් අරණායක පොලිසිය අධිකරණය හමුවට කරුනු වාර්තා කිරිමෙන් අනතුරුව පශ්චාත් මරණය පරික්ෂක කටයුතු සිදුකිරීමට නියමිතව ඇතිබවද පොලිසිය පැවසීය .

මිය ගිය කාන්තාව ආසන්නයේ තිබි පහරදීම සඳහා යොදාගත් බාවට සක කෙරෙන මුගුරද හමුවි ඇති බව ද පොලිසිය පැවසීය .

ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ස්වාමියා පොලිසියට භාරවිමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇතිබවද පොලිසිය පැවසීය