Spread the love

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මේ මස 13 සහ14 දෙදින සියළුම සුරා සැල් වසා තැබෙන බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

අදල දිනවල බලපත්‍ර කොන්දේසි කඩකරමින් මත්පැන් අලෙවි කිරීමේ ජාවාරම සිදු කරන හෝටල් ආපනශාලා ,රටබීම හල් හා කැරෝකී ආපනශාලා සදහා තීතිය තදින් ක්‍රියාත්මක කොට බලපත්‍රය අත්හිටුවීමට පවා සිදු වන බවද කපිල කුමාරසිංහ මහතා පවසයි.

නීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන්හා ,බලපත්‍ර ලාභීන් මත්පැන් ජාවාරම සිදු කළ හොත් ඹවුන්ව කොටු කර ගැනීම සදහා දිවයින පුරා සුරාබදු නිලධාරීන් පැය විසිහතර පුරාම සීරුවෙන් සිටින බැවින් අදාල දිනවල මත්පැන් ජාවාරම් කරුවන් අසුවුව හොත් කිසිදු සමාවක් නොදෙන බවත් නීති ය දැඩිව ක්‍රියාත්මක කිරීමට සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා උපදෙස් ලබාදී ඇතැයිද කපිල කුමාරසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.