Spread the love

සිපෙට්කෝ සමාගමට අයත් ඉන්ධනවල මිල ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිළ රුපියල් 338 දක්වා ඉහළ ගොස් තිබේ.ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිළ රුපියල් 373 දක්වා ඉහළ දමා ඇත.

මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් මිලද ඉහළ දමා තිබේ.ඒ අනුව ඔටෝ ඩීසල්  ලීටරයක නව මිළ රුපියල් 289ක් දක්වා ඉහළ දමා තිබේ.සූපර් ඩීසල් ලීටරයක නව මිළ රුපියල් 329 දක්වා මිල ඉහළ දමා තිබේ.

එහෙත් භූමි තෙල් මිළ ඉහළ නොදැමූ බව සභාපතිවරයා පැවසීය.