තිරිගු පිටි කිලෝ ග්‍රෑමයක මිලඅද සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10කින් ඉහළ නංවන බව ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් සඳහන් කළේය.
සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93 කින්ද, කිරි පිටි කිලෝවක් රුපියල්ද 10 කින්ද අද සිට ඉහළ ගොස් තිබේ.
මී ට අමතරව ඊයේ (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බව ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් ප්‍රකාශ කළේය.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 2,750කි.
එමෙන්ම කිලෝග්‍රෑම් 5ක් වු ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 503කින්ද, කිලෝග්‍රෑම් 2.5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231කින්ද ඉහළ නැංවීමට එම සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,101ක් වන අතර, කිලෝග්‍රෑම් 2.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 520ක් බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේය.
මේ අතර ලාෆ් සමාගම කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 984කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 2,840ක් වේ.
එමෙන්ම කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් 393කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 1,136කි.
ලාෆ් ගෑස් සමාගම පසුගිය අගොස්තු මාසයේ දී ද කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 363කින් සහ කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 145කින් ඉහළ නංවා තිබුණි.
කිරිපිටි, තිරිඟුපිටි, ගෑස් සහ සිමෙන්ති යන අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පැවැති පාලන මිල පසුගියදා රජය විසින් ඉවත් කරනු ලැබීය.
නිෂ්පාදන පිරිවැයට සාපෙක්ෂව නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමට අදාළ සමාගම් මෙලෙස කටයුතු කර තිබේ.
