Spread the love

කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 350කින් ඉහළ දමා ඇතැයි වාර්තාවෙයි.

මිල ඉහළ දැමීමත් සමගින් සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1,850ක් වන බව සිමෙන්ති වෙළෙඳුන් පවසයි.  

මීට අමතරව දින 03කට පෙර වානේ කම්බි ටොන් එකක මිල රුපියල් 38,000කින් පමණ ඉහළ ගොස් ඇතැයිද වෙළදුන් පවසයි.රුපියල් 254,500කට පෙර එලෙස අලෙවි වූ වානේ කමිබ් ටොන් එකක මිල මේ වනවිට රුපියල් 292,500 ක් වනවා.

ඒ අනුව මිලිමීටර් 10 වානේ කම්බියක් රුපියල් 1,040කටත්, මිලිමීටර් 12 වානේ කම්බියක් රුපියල් 1,500කටත්, මිලිමීටර් 16 වානේ කම්බියක් රුපියල් 2,725කටත් අලෙවි වන බවද වාර්තාවිය.