සිමෙන්ති සමාගම් විසින් නියම කර ඇති සිල්ලර මිල ඉක්මවා සිමෙන්ති අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් ආරම්භකර ඇතිබව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ගැනීමට නියමිතයි.දැනට 50kg සිමෙන්ති කොට්ටයක් සඳහා සමාගම් මගින් නියම කර ඇති උපරිම මිල රුපියල් 1275ක් බව එම අධිකාරිය පවසයි.
කෙසේ වෙතත් එම මිල ඉක්මවා සිමෙන්ති අලෙවි කරන බවට පාරිභෝගික අධිකාරියට පැමිණිලි ලැබී තිබේ.මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ පසුගිය සති කිහිපයේ සිමෙන්ති අලවි කරන වෙළදුන් විසින් සිමෙන්ති 50kg කොට්ටයක් රුපියල් 1500 ඉක්මවූ මිලකට අලවි කර තිබේ.ඇතැම් වෙළදුන් වෙළද සැල් වල කෘතීම සිමෙන් හිඟයක් මවාපාමින් අධික මිලට සිමෙන්ති අලවි කිරීමට හුරුවී ඇතිබව පාරිභෝගික ජනතාව පවසයි.මේ පිළිබඳ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය දැනුවත් කිරීමට අප කටයුතු කළේය.ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ සිමෙන්ති අලවි කරන ස්ථාන රැසක වැටලීම් කිරීම සිදුවිය.
