රට ගොඩනැගීමට නම් සියළු දෙනා එක්ව කටයුතු කිරීමේ වැදගත් කම IMF නිත්‍ය නියෝජිත පීටර් බෘෘවර් මහතා අවධාරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අද සවස කිතුල්ගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රට වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට රටේ ජනතා නියෝජිතයින්ට නොබෝ දිනකින් අවස්ථාවක් හිමිවන බවත්, ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා පිලිබඳව පාර්ලිමේන්තු එකඟතාව ලබා ගැනීමේ අවස්ථාවේදී එම සහයෝගය පළ කළ හැකි බවයි.
ආර්ථික ආගාධයෙන් ගොඩ ඒමට ගෙන යන වැඩපිලිවෙල සමඟ එක්වීමටත් , පළමුව රටද නැතිනම් පටු දේශපාලනයද යන්න තීරණය කිරීමටත් ජනතාවට හොඳ වේදිකාවක් සකසා ඇති බවද අමාත්‍යවරයා එහිදී පැවසුවේය.