Spread the love

සීනි සහ තිරිඟු පිටි මිල ගණන් ඉහළ දමා ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 25කින් ද තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිහල් සෙනෙවිත්න මහතා පැවසුවේ.

තිරිඟු පිටි සඳහා පනවා තිබූ රුපියල් 03 ක බදු සහනය ඉවත් කිරීම මෙලෙස තිරිඟු පිටි මිල ඉහළ දැමීමට හේතුවූ බවයි නිහාල් සෙනෙවිරත්න මහතා පැවසුවේ.