Spread the love

වේලිඔය නව සීනි කර්මාන්ත ශාලාව මේ වසරේ මුල් කාර්තුවේදී ආරම්භ කරන බව උක්,බඩ ඉරිඟු ,කජු,ගම්මිරිස්,කුරුදු,කරාබු නැටි,බුලත් ,ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධන ,ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

එමගින්  ප්‍රදේශයේ ගොවි පවුල් හාරදහසකට සෙත සැලසේ. නව රැකියා අවස්ථා 17000 උදා වන බව සදහන් කරයි.

වසා දමා ඇති කන්තලේ සීනි කර්මාන්ත ශාලාවද මේ වසරේ ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව දේශීය සීනි අවශ්‍යතාවයෙන් 50% ක් සපුරා ගතහැකි වනු ඇතිබව එම අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.