නිමල් රාජපක්ෂ-
75 වන නිදහස් දින සමරු උළෙල නිමිත්තෙන් මේ මස 04 දින දිවයින පුරා පිහිටි මත්පැන් සිල්ලරට විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් සියලුම මත්පැන් හල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇති බව මෙයින් කාරුණිකව දැනුම් දෙමි.
මේ මස 05 වන දිනට යෙදී ඇති පුර පසළොස්වක පොහෝය දිනය හේතුවෙන් ද සියලුම මත්පැන් හල් වසා තැබිය යුතු බැවින්මේ මස 03 වන සිකුරාදා දින මත්පැන් හල් වැසිය යුතු වේලාවේ සිටෙමේ මස 06 වන සඳුදා දින ඒවා විවෘත කල යුතු වේලාව දක්වා එකී මත්පැන් හල් වසා තැබිය යුතු බව අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් කපිල කුමාරසිංහ මහතා පවසයි.