කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුද රළු වීම සහ තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඇම්බර් වර්ණයෙන් යුක්තව නිකුත් කර ඇති එම නිවේදනය මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකළපුව හරහා පොතුවිල් දක්වා ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු ප්‍රදේශ සහ ගිනිකොණ දිග සහ නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයට අදාළ වනු ඇති.
දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ සහ ඊට යාබදව ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය දෙසැම්බර් 06 වනදා වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
අනතුරුව එම තත්ත්වය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කරමින් ක්‍රමයෙන් සුළි කුණාටුවක් බවට වර්ධනය වී නිරිත දිග බෙංගාල බොක්ක හරහා ගමන්කර දෙසැම්බර් 08 වනදා වනවිට තමිල්නාඩු වෙරළ තීරයට ළඟාවනු ඇති බවට අපේක්ෂා කෙරෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
ඊට අදාළ නිවේදනය පහතින්.