Spread the love


ඩොලර් දහයක් වැනි සුළු මුදලකට, සම්පූර්ණ පී සී ආර් පරීක්‍ෂණයක් සිදුකිරීමට හැකියාව ඇතැයි ටාටා සමාගමට (tata globel group ) අනුබද්ධ ටාටා මෙඩිකල් (Tata Medical & Diagnostics) හි වෙළඳ නියෝජිත ආයතනය වන පී ටී සී මෙඩිකල් පුද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂ ජාලිය වික්‍රමසුරේන්ද්‍ර මහතා පැවසීය .

වෛරස ප්‍රවාහන මාධ්‍ය , නිස්සාරණ කාරකය හා අවශ්‍ය සියලු උපාංගද මෙම ඩොලර් දහයක ( රුපියල් 2000 ක් පමණ ) මුදලට ඇතුලත්වනු ඇත.

මේ වනවිට මෙම වැඩසටහන අදාළ ව්‍යාපෘති යෝජනාව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට භාරදී ඇති බවත් මීට පෙර එය හිටපු සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙතද ලාබාදුන් බවත් වික්‍රමසුරේන්ද්‍ර මහතා මාධ්‍ය වෙත පැවසීය .

රජයට එක පී සී ආර් පරීක්ෂණයක් සඳහා රුපියක් 5500 ක පමණ මුදලක් වැයවන බවත් ,ටාටා සමාගමේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කළහොත් මෙරටට පී සී ආර් පරීක්ෂණ කටයුතු සඳහා වාර්ෂිකව වැයවන මුදලින් , රුපියල් බිලියන 10 ක පමණ ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකිවනු ඇති බවත් වික්‍රමසුරේන්ද්‍ර මහතා මෙහිදී පැවසීය .

මීට අමතරව රුපියල් මිලියන 500ක් වටිනා ජංගම රසායනාගාර පහක්ද මෙම වැඩසටහන යටතේ මෙරටට ලබාදීමට ටාටා සමාගම සැලසුම් කර ඇත .
මෙම රසායනාගාර තුල , සෙල්සියස් අංශක ඍන 80 ක මට්ටමකින් එන්නත් ගබඩා කිරීමේ පහසුකම් සහිත අධි ශීතකරණයන අන්තර්ගත වන බවද ඒ මහතා පැවසීය .

එසේම මෙම වැඩසටහන යටතේ මෙරට සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයට මධ්‍යම දත්ත වාර්තා ඒකකයක් පිහිටුවීමටද අවශ්‍ය සියලු සහය ලබාදීමට ටාටා සමාගම සූදානමින් සිටී .ඒ හරහා වසංගත රෝග පැතිරයාම පිලිබඳ දත්ත ඉතා ක්‍ෂනිකව හා නිරවද්‍යව ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත .