පුවත් පත් දැන්වීමකට අනුව වෛද්‍යවරයෙකුගේ නිවසේ මෙහෙකාර සේවයට පැමිණි කාන්තාවක් විනාඩි 20 වැනි කාලයක් තුළදී දේපල සොරා ගෙන පලාගොස් තිබියදි පොලිසියට කළ පැමිණිල්ලකට අනුව බම්බලපිටිය පොලිසිය අදාල කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත .
සොරා ගෙන ගොස් තිබූ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනා රන් භාණ්ඩද පොලිසිය සොයා ගැනීමට සමත්වී ඇත.
සැකකාරිය වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර තලංගම , හෝමාගම, අංගොඩ, මහබාගේ, වත්තල, ජාඇල, දෙමටගොඩ, බ්ලුමැන්ඩල් හා නිට්ටඹුව ප්‍රදේශවලද මෙවැනි සොරකම් සිදු කර පොලිස් අත්අඩංගුවට පත්ව ඇප මත සිටින තැනැත්තියක් බවද වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
38 හැවිරිදි සැකකාරිය දෙමටගොඩ සියපත් සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචිකාරියක් බවට තහවුරු වී තිබේ.