Spread the love


ඉන්දුනිසියානු සාම්ප්‍රධායික වගා ක්‍රමයක් වන සෝජාන් වගා ක්‍රමය යටතේ නව වගා ව්‍යාපෘති 05ක් මෙම වසර තුළ හඳුන්වා දීමට තීරණය කොට ඇතැයි පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි


ලවණ ජලය සහිත ඉඩම්, වගුරු බිම්, මෙන්ම ජලය විදිමත් පරිදි බැස නොයන වගා කළ හැකි එහෙත් දැනට පුරන් වීමට ඉඩ හැර තිබෙන කුඹුරු ඉඩම් ආශ්‍රිතව ඵලදායීව වගා කිරීම සඳහා සෝජාන් වගා ක්‍රමය උපයෝගී කරගනු ලැබේ. විශේෂයෙන් එවැනි ඉඩම්වල තරමක් උස පස් වැටි සකසා ඒ මත ආහාර භෝග වගා කිරීම ද මේ අනුව සිදු කෙරේ.


වත්මන් රජය විසින් 2022 වසරේ දී සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට තීරණය ඇති බැවින් පරිසර අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවල දී හැකි තරම් පරිසර හිතකාමී ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් දෙනු ලැබීය.


පරිසර අමාත්‍යාංශය විසින් මුල්‍ය ප්‍රතිපාදන යොදා මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතර ඒවා රැක බලා ගැනීම හා නඩත්තු කිරීම ජනතාව සතු කෙරේ.