Spread the love

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම්වලට නිසි විසදුම් නොලැබීම හේතුවෙන් (02) අද සිට දින දෙකක කාලයක් යළි වර්ජනයකට අවතීර්ණ වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසීය.

පසුගිය මස 07 වන දා සිට දින 09ක කාලයක් හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක් අඛණ්ඩ වර්ජනයක නිරත විය.

පසුව සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය එම වර්ජනය අත්හිටුවීමට කටයුතු කෙරෙනි.එම සාකච්ඡාවේ දී ගත් තීරණ මේ දක්වා ක්‍රියාත්මක නො වීම හේතුවෙන් යළි හෙට වර්ජනයකට අවතීර්ණ වන බව වැඩිදුරටත් පැවසීය