සෞඛ්‍ය අංශ මගින් නිකුත්කළ මාර්ගෝපදේශවලට අනුව නිරෝධායන ඇදිරිනීතිය ඉවත් කිරීමත් සමගින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා සියලුම් පලාත් කාර්යාල හෙට ( 04) සිට මහජන සේවාවන් සදහා විවෘත කරන බව එහි කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.
එසේ විවෘත කළද ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවාව ක්‍රියාත්මක නොවනු ඇත.
ජාතික හැදුනුම්පත් ලබා ගැනීම සදහා වන ඉල්ලුම් පත් ග්‍රාමනිලධාරී මගින් සහතික කළපසු අදාල ප්‍රාදේශීය කාර්යාලයේ පිහිටුවා ඇති පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කාර්යාල වෙත බාරදිය යුතුවෙයි. ජාතික හැදුනුම්පත් කඩිනමින් සකස්කළ පසු තම පුද්ගලික ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කිරීමට පියවර ගන්නා බවද වියානි ගුණතිලක මහතා පවසයි.
හදිසි අවශ්‍යතාවයක් මත ජාතික හැදුනුම්පත ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් බත්තරමුලුල ප්‍රධාන කාර්යාලයේ 0115226126-0115226100 ,දකුණු පලාත් කාර්යාලයේ 0912228348,වයඹ පලාත් කාර්යාලයේ 0372224337,උතුරු පලාත් කාර්යාලයේ 024 2227201,නැගෙනහිර පලාත් කාර්යාලයේ 0652229449 යන දුරකථන අංකවලට කථා කොට දිනයක් හා වෙලාවක් වෙන්කර ගෙන සිය රාජකාරි සිදුකර ගැනීමට හැකි බවද වියානි ගුණතිලක මහතා වැඩි දුරටත් පැවසුවේය
