Spread the love

ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමේ ගාස්තුව නොවැම්බර් 01 වැනිදා සිට සංශෝධනය කිරීමට අදාළව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එහිදී පළමු වරට අයදුම් කරන්නෙකු සඳහා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට නොවැම්බර් 1 වනදා සිට රු. 200 ක ගාස්තුවක් ගෙවිය යුතුවෙයි.

මීට අමතරව ජාතික හැඳුනුම්පතක අනු පිටපතක් ලබාගැනීමේ ගාස්තුව රු. 1000 ක් ලෙසද සංශෝධිත අනු පිටපතක් ලබාගැනීමේ ගාස්තුව රු. 500 ක් ලෙසද, කල් ඉකුත්වූ ජාතික හැඳුනුම්පත වෙනුවට නව හැඳුනුම්පතක් ලබාගැනීමේ ගාස්තුව රු. 200 ක් ලෙසද සංශෝධනය කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.