Spread the love

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාවට ලබාදීම සදහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇතිබව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

ඒ සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ කමිටුවක් පත්කර තිබේ.ඒ අනුව ඖෂධ හිඟය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් ව්ජේිවර්ධන මහතා පත්කර තිබේ.

ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාවට ලබාදීම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා සහ පක්ෂ lලේකම් පාලිත රංගේබන්ඩාර මහතා පත්කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ සහකාර නායක අකිල විරාජ් කාරියවසම් මහතා පොහොර සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීමට පත්කර තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා පත්කර තිබේ.කමිටු සාමාජිකයන් අදාළ ශේත්‍ර පිළිබඳ සොයා බලා  සාකච්ඡා කර පවතින ගැටලු පිළිබඳ  අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට නියමිතයි.