Spread the love

ගෘහස්ත ගෑස් සිලින්ඩර හිගය මේ වනවිට නිමාවට පත්ව ඇතිබව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.මේ වනවිට දිවයිනේ සියලුම නගර වල ප්‍රධාන අලෙවි නියෝජිතවරුන් සතුව ගෘහස්ත ගෑස් සිලින්ඩර පවතින බව සදහන් කරයි.

එමනිසා ජනතාවට පෝලිම්වල රැදී සිටිමට කිසිදු අවශ්‍යතාවක් මේවන විට නොමැති බව එම සමාගම සදහන් කරයි.සුඵ පරිමාණ අලෙවිසල් වලට ද ඉදිරි සතියේදි හිගයකින් තොරව ගෑස් සැපයීමට හැකිය.දෛනික ගෑස් ඉල්ලුම පසුගිය කාලයේ සිලින්ඩර හැටපන් දහසේ සිට ලක්ෂ දෙකකට ආසන්න මට්ටමකට ඉහළ ගිය බව ලිට්රෝ සමාගම සදහන් කරයි.

මේ වනවිට එය අනුදහසක් දක්වා අඩුවී ඇතිබව සදහන් කරයි.ඒ අනුව දෛනිකව ගෑස් සිලින්ඩර අනුදහසක් වෙළෙඳපලට නිකුත් කිරීම සිදුවෙයි.කෙසේවෙතත් කිලෝග්‍රූම් 02.5 සිලින්ඩර බෙදා හැරිමේ සුඵ ප්‍රමාදයක් තවදුරටත් පවතින බව ලිට්රෝ සමාගම පවසයි.මේ අතර පසුගිය කාලයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගෑස් අලවි සැල් අසල පැවති දිගු පොලිම් දක්නට නොලැබෙයි.ගෑස් අලවි නියෝජිතය සදහන් කර සිටියේ සමස්තයක් ලෙස ගෑස් ටැංකි සදහා ඇති ඉල්ලුම අඩුවී ඇතිබවයි.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ භූමි තෙල් ලිප් හිඟයක් ඇතිබව වෙළඳ සැල් හිමියන් සදහන් කරයි.ගාල්ල දිස්ත්‍රික්කයේ රුපියල් 700-850 අතර මිලක පැවති භූමි තෙල් ළිපක මිළ මේ වනවිට රුපියල් 6500 ඉක්මවා ඇතිබව වෙළඳ සැල් හිමියන් සදහන් කරයි.එම මිලට ද ගාල්ල දිස්ත්‍රික්කයේ භූමි තෙල් ලිප් නොමැති බව පාරිභෝගික ජනතාව සදහන් කරයි.