හිඟව පවතින ඉන්සියුලීන් වර්ගය ඉදිරි දින හතර ඇතුළත මෙරටට රැගෙන ඒමට කටයුතු සම්පාදනය කර ඇතිබව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් ජී.විජේසූරිය මහතා පැවසීය.
සැපයුම් කරුවන්ගේ ලියාපදිංචියේ ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බව පැවසීය.
එම ගැටලුව මේ වනවිට නිරාකරණය කර තිබේ.
ඉන්සියුලීන් මික්ස් නැමැති අදාළ ඖෂධයේ පළමු තොගය ගුවන් මගීන් මෙරටට රැගෙන එන ලෙස උපදෙස් දී ඇතිබව අධ්යක්ෂ ජෙනරාල්වරයා පැවසීය.
එතෙක් සීමිත තොග කළමනාකරණය කරන ලෙස රෝහල් වලට දැනුම් දී ඇතිබව එහිදී පැවසීය.
මෙරට රෝහල් පද්ධතියේ ඉන්සියුලීන් වර්ග තුනක් භාවිතා කරන බව නියෝජ්‍ය අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.