Spread the love

අහිමි කළ හිග වැටුප ලබා දෙන්නැයි සිවිල් පරිපාලන නිලධාරීන්ගෙන් ,අදාල බලධාරින්ගෙන් ජනාධිපති තුමාගෙන් සිවිල් පරිපාලන අධ්‍යක්ෂක මණඩලය යුධ හමුදා මුලස්ථානයේ අරක්කැමියකු ලෙස සේවයකළ ලාල් ප්‍රේමතිලක මහතා ඉතාමත් ආයාචනාත්මකව ඉල්ලා සිටි.


මොහු සේවය කරන අතර වාරයේ කල්දේරමක අන්ඩක් ගැලවී කකුල්දෙන පිලිස්සීමෙෙන් ප්‍රතිකාර ලබා ගෙන තිබිණ . ඉන් අනතුරුව ක්ෂයරෝග විෂබීජයක් ශරීර ගතවීමෙන් වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබා ගෙන ඇත. අදාල කාලසීමාවේ ප්‍රතිකාර කළ වෛද්‍යවරයා ලබාදුන් වෛද්‍ය සහතික තම සිවිල් පරිපාලනයට ලබා දුන්නද එවකට මොහු සේවයට නොපැමිණීම හේතුවෙන් යැයි සේවය අත්හිටුවා ඇත.

තමුත් රෝහල් ගතවු බවට අදාල ආයතන ප්‍රධානින් දැනුවත් කොට තිබිණ. වෛද්‍ය වාර්තා ලබාදෙනවිට සේවය අත්හිටුවා ඇතිබව සැලවීමනේ ඇතිවු කම්පනයත් සමගින් මොහු යලිත් අසනීපවි හෘද සැක්කමකට ද භාජනය කර තිබේ. එම අවස්ථාවේද වෛද්‍ය වාර්තා ලබා දී යළි සේවය පිහිටුවා ගත්තද අදාල කාල සීමාවට වැටුප් සකස් කර නොමැති බවද පවසයි. කෙසේ හෝ වයස සම්පුර්ණ වි විශ්‍රාම ගියද තම නිවාඩු තිබියදි වෛද්‍ය වාර්තා ලබාදුන් කාලයට වැටුප් සකස් නොකිරීමට අදාල නිලධාරින් පියවර ගෙන තිබේ.

විශ්‍රාම ගැන්වීමේදි ද තමන් සේවයට බැදුන වර්ෂයක් අතහැර විශ්‍රාම වැටුප සකස් කොට ඇතී. ඉතා අසරණ තත්ත්වයට පත්ව දැඩි මානසික පීඩනයකට පත්වු අරක්කැමි ලාල් ප්‍රේමතිලක මහතාට අත්වු මෙම අසාදාරනය සාධාරනය කර දීමට යුධහමුදා පතිතුමා ,ජනාධිපතිතුමා ගේ අවධානය යොමු කරන්නේනම් ඉතා අගය කොට සලකන්නෙමු.කිසියම් නිලධාරියකුට මාගේ තොරතුරු ලබා ගැනීමට අවශ්‍යනම් 071 705 5421 හෝ 076 850 7048 යන දුරකථන අංක වලින් ලබා ගත හැක.

වැඩි දුරටත් අදහස් දැක්වු ලාල් ප්‍රේමතිලක මහතා ,

වීඩියෝව නරඹන්න SUBSRIBE කරන්න