Spread the love

පසුගිය 09 වනදා සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් හිටපු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට තීරණය කර බව මානව හිමිකම් කොමිසම් සභාව පවසයි.
 “ගෝඨාගෝගම” සහ “මයිනාගෝගම” සාමකාමි විරෝධතාවන්ට ප‍්‍රහාර එල්ල කිරීම සහ ඉන් පසුව ඇතිවූ නොසන්සුන්කාරී සිදුවිම් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව එම කැදවීම සිදුකර තිබේ.
හිටපු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අමතරව හිටපු අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන හා ජෝන්ස්ටන් ප‍්‍රනාන්දු යන මහත්වරුන් සහ කැබිනට් අමාත්‍ය ‍රමේෂ් පතිරණ මහතා ද ලබන (01) බදාදා දිනයේ ප‍්‍රකාශ සටහන් කර ගැනීම සඳහා මානව හිමිකම් කොමිසම් සභාව වෙත කැදවා තිබේ.
මේ අතර වටරැක බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් පසුගිය 09 වනදා අරලියගහ මන්දිරයේ පැවැති දේශපාලන රැස්විමක් සඳහා සහභාගි කර වූ බව කියන පැමිණිල්ලට අදාලව ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා (29) අද මානව හිමිකම් කොමිසම් සභාව  හමුවට කැඳවා තිබේ.