Spread the love

කොළොන්නාව නගරසභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, අතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත, රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාල දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලූම අතුරු මාර්ගවල හෙට (08) පෙ.ව.10.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO) සිදුකරනු ලබන නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළොන්නාව පොම්පාගාරය වෙත සැපයෙන විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බැවින් එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

.