Spread the love

මහනුවර කටුගස්තොට පිහිටි ජල පවිත්‍රාගාරයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (13) පෙරවරු 06.00 සිට පස්වරු 08.00  දක්වා පැය 14 කාලයක් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩල පවසයි.
ඒ අනුව හාරිස්පත්තුව ,අකුරණ,පූජාපිටිය,පාතදුම්බර,මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය,අම්පිටිය සහ හන්තාන ප්‍රදේශ වලට ජල කප්පාදුව සිදුවෙයි.
වැඩිදුර විස්තර සදහා ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ 1939 ක්ශනික දුරකථන අංකය ඇමැතිය හැකිය.