Spread the love

මහජන විරෝධතා ගොඩනැගෙමින් ඇති පසු බිමක ඒවා පාලනය කිරීම සදහා හදිසි නීතිය පැනවීමේ සුදුසු භාවය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට විශේෂ රැස්වීමක් (04) හෙට පැවැත්වෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය පැවසූවාය.

රටේ ආණ්ඩුක්‍රම විවස්තාවේ සදහන් පරිදි පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සදහා ඕනෑම මොහොතක පෙනීසිටින බව සභාපතිවරිය පැවසූවාය.

නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ ඇතිවූ මහජන විරෝධතාව අවස්ථාවේ සැකපිට අත්තඩංගුවට ගත් පුද්ගලයන්ගේ මානව හිමිකම් කඩවී ඇත්දැයි සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව වැඩිදුරටත් පැවසූවාය