Spread the love

හෙට(07) දිනයේත් පැය හතහමාරක උපරිම විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසන් සභාව සදහන් කරනවා.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ ඒ අනුව E කලාපය සඳහා පෙරවරු 08 සිට පස්වරු 01 දක්වා මෙන්ම පස්වරු 06 සිට රාත්‍රී 08 යි 30 දක්වා වූ කාලය තුළ පැය හතහමාරක් විදුලිය කප්පාදු සිදු කෙරේ. 

ඊට අමතරව F කලාපය සඳහා ද පස්වරු 01 සිට පස්වරු 06 දක්වා සහ රාත්‍රී 08 යි 30 සිට රාත්‍රී 11 දක්වා වූ කාලය තුළ පැය හතහමාරක විදුලි කප්පාදුවක් ,දකුණු සහ සබරගමුව පළාත් මෙන්ම මධ්‍යම, වයඹ සහ බස්නාහිර යන පළාත්වල කොටසක් ද මෙම E සහ F කලාපවලට ඇතුළත්වෙයි. 

T සහ U කලාප සඳහා පෙරවරු 09 සිට පෙරවරු 11 දක්වා මෙන්ම පස්වරු 05 සිට පස්වරු 06 දක්වා පැය 03 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන අතර   V සහ Wයන කලාප සඳහා පෙරවරු 11 සිට පස්වරු 01 දක්වා මෙන්ම පස්වරු 06 සිට රාත්‍රී 7 දක්වා කාලය තුළ පැය 03 ක කාලයක් විදුලිය කප්පාදු සිදු කෙරේ . R සහ S කලාප සඳහා පස්වරු 01 සිට පස්වරු 03 දක්වා මෙන්ම රාත්‍රී 07 සිට රාත්‍රී 08 දක්වා පැය 03 ක කාලයක් ද විදුලිය කප්පාදු කෙරේ.