Spread the love

හෙට (17) දිනයේ කලාප ක්‍රමය යටතේ පැය තුනයි විනාඩි 15 විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා

ඒ අනුව A සිට L දක්වා කලාප 12 ට පැය තුනයි විනාඩි 15 ක් විදුලිය කප්පාදු කරන කරන අතර P සිට W දක්වා කලාප අටකට හෙට පස්වරුවේ පමණක් පැය 2 ක් විදුලිය කප්පාදු කරන බවයි එම මණ්ඩලය පැවසුවේ.

ඒ අනුව A සිට L දක්වා කලාප 12 කට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ පැය 2 ක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 15 ක් ද, විදුලිය කප්පාදු කරයිි.

එමෙන්ම P සිට W දක්වා කලාප අටට පස්වරු 5.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරු කාලයේ පැය 2 ක් විදුලිය කප්පාදු කරන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.