Spread the love

විදුලි කප්පාදුව හෙට (25) දිනයේ කලාප ක්‍රමයට අනුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම සැලසුම් කර තිබෙනවා.

හෙට දිනයේ P,Q,R,S,T,U,V,W යන ප්‍රදේශවලට උදෑසන 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළදී පැය 4යි මිනිත්තු 30ක කාලයක් විදුලිය කප්පාදු කිරීම ට නියමිතයි.

එසේම P,Q,R,S,T,U,V,W යන කලාපවලට නැවත පස්වරු 5.30 සිට රාත්‍රී 11 දක්වා පැය 1 යි මිනිත්තු 50 කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. මේ අතර A,B,C,D,E,F,G,H,I,J,K,L කලාපවලට හෙට දිනයේ උදෑසන 8 සිට පස්වරු 6 දක්වා කාලය ඇතුලත පැය 3යි මිනිත්තු 20 ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් අවසර ලබා දී ඇත