Spread the love

ඉන්දියානු රජයේ කඩිනම් ආධාර යටතේ මෙරටට ලැබුණු සහල් තොග දිළිඳු ජනතාව වෙත බෙදා හැරීම (06) හෙට සිට ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

සමෘද්ධි ලාභීන්ට සහ ස්ථිර ආදායමක් නොමැති ඉතා දිළිඳු ජනතාවට සහල් ලබාදීමට නියමිතයි.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 45000ක් සදහා එම සහල් ලබාදීමට නියමිත බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා පැවසීය.

එක් පවුලකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් හෙට සිට  ලබාදීමට සැලසුම් කර ඇතිබව ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.