Spread the love

විදුලි කප්පාදුව හෙට (28) සිට සෙනසුරාදා (30) දින දක්වා පැය 3යි මිනිත්තු 20 කාලයක් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී ඇත.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,M,N,O,P,Q,R,S,T,U,V,W කලාප සඳහා උදෑසන 9.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ පැය 2ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරේ.

එමෙන්ම පස්වරු 5.00 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළ පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකරනු ලබන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙයි .