Spread the love

දිවයිනේ (24) අද පෙරවරු 06.00 අවසන් වූ පැය 24 තුළ සිදුකර වැටලීම් 02 කින් හෙරොයින් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 200 සමඟ පුද්ගලයන් 02 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ග්‍රෑන්ඩ්පාස් සහ බොරැල්ල පොලිස් බල ප්‍රදේශ වල වැටලීම් සිදුකර තිබේ.
සැකකරුවන් අද ඒ ඒ පොලිස් බල ප්‍රදේශ වලට අයත් මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
වැටලීම් සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන වැඩිදුර පරීක්ෂණ සිදුකරයි