Spread the love

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් හොර රහසේ අමාත්‍ය ධූරය ලබාදුන් පුද්ගලයින්ව එම අමාත්‍ය ධූරවලින් ඉවත් කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

මුදල් ලබාදී මන්ත්‍රීවරුන් ලබා ගැනීමට බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා උත්සහා කරමින් ඇති බවයි ඔහු පවසන්නේ . නිමල් සිරිපාලද සිල්වා හිටපු අමාත්‍යවරයාට සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබාදීමටත් උද්ධික ප්‍රේමරත්නට සංස්කෘතික අමාත්‍ය ධූරයක් ලබාදීමටත් ආරාධනා කර ඇති බවත් ඒවා පිළිගැනීමට ඔවුන් සූදානම් නොමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කළා. අගමැතිවරයා ජාතිය අමතමින් ඉඟි කළේ, තමන් තවදුරටත් අගමැති ධූරයේ කටයුතු කරන බව යැයි විමල් වීරවංශ ප්‍රකාශ කළා.

එවැනි ප්‍රකාශ මඟින් රට තවදුටත් සන්සුන් කිරීමට නොහැකි බවත් පවතින යථාර්තය තේරුම්ගෙන ඉල්ලා අස්වීමට සූදානම් නොමැති නම් ජනතාව එක්වී ඉවත් කිරීමට ගියහොත් මෙම අර්බුදය නොහිතන පැත්තකට ගමන් කරනු ඇති බවයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ වැඩිදුරටත් සඳහන් කළේ