Spread the love

අවිස්සාවේල්ල ඇපලපිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්‍ය බලකා ජයවර්ධනපුර කදවුරේ නිලධාරීන් විසින් බලපත්‍ර නොමැතිව තබාගත් බෝර 12 ගිනි අවියක් සහ පතරොම් 03 සමඟ පුද්ගලයකු අත්තඩංගුවට ගෙන ඇතිබව අවිස්සාවේල්ල පොලිසිය පවසයි.
අත්තඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 39ක් වූ ඇපලපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
සැකකරු (30) අද අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අවිස්සාවේල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.