ළමා අපයෝජන සිදුවීම්, නීතිය ක්‍රියාත්මකම සහ වැළැක්වීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මෙන්ම උප්පැන්න සහතික නොමැති දරුවන් සඳහා උප්පැන්න සහතියක් නිකුත් කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව ගම්පහ දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටු රැස්වීම ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන ජේ.ඩබ්.එස්. කිත්සිරි සහ රුචිර විතාන යන මහත්වරුන්ගේ ප්‍රධානත්යෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැති අවස්ථාවේදී දැණුවත් කෙරිණි.
ළමුන්ගේ හා කාන්තාවන්ගේ ගැටලුවලට ආයතන මට්ටමින් ක්‍රියාත්මක විය යුතු ආකාරයත් පාසල් ළමුන් මත්ද්‍රව්‍යවලින් ගළවා ගත යුතු ආකාරය සම්බන්ධයෙනුත් මෙහිදී වැඩි අවධානයක් යොමු කළේය.
මේ අවස්ථාවට ප්‍රාදේශීය ලේකම්වරුන්, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරුන්, දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී සමන් බණ්ඩාර මහතා ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ ළමා රක්ෂක නිලධාරීන්, වනිතා සංවර්ධන නිලධාරීන්, මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන්, පරිවාස නිලධාරීන්, උපදේශන නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගී වූහ.